brand logo

පාසල් නේවාසිකාගාරයක සිසුවියන් දෙදෙනෙක්ට කොවිඩ් ලක්ෂණ

20 January 2021

හැටන් නගරයේ පිහිටි ප්‍රධාන කාන්තා පාසලක නේවාසිකාගාරයේ කොරෝනා රෝගි ලක්ෂණ මතු වු සිසුවියන් දෙදෙනෙකු අද(20) දින දික්ඔය මුලික රෝහලට ඇතුලත් කළ බව වාර්තා වේ. එම පාසලේ 10 සහ 11 වසර වල අධ්‍යාපනය ලබන සිසුවියන් දෙදෙනෙකු මෙසේ රෝහල් ගත කර ඇත. ඉන් එක් සිසුවියකට මිට ප්‍රථම කොවිඩ් 19 වෛරසය අසාදනය වි සුව වු සිසුවියක් බවත් , එම සිසුවිය මොරටුව ප්‍රදේශයේ පදිංචි සිසුවියක් බව හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කරයි. රෝහල් ගත කළ අනෙක් සිසුවිය මට්ටකුලිය ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන අතර එම සිසුවිය 12 වන දින පාසලේ නේවාසිකාගාරය වෙත පැමිණ ඇති බව වාර්තා වේ. එම සිසුවියන් දෙදෙනා 18 සහ 19 යන දෙදින තුළ පාසලට ගොස් ඇති බවට තොරතුරු සනාථ කරගෙන ඇති බව මහජන සෞඛ්‍යය පරික්ෂකවරයා සඳහන් කරයි. එම නේවාසිකාගාරයේ සිසුවියන් 20 දෙනෙකු, එම නේවාසිකාගාර භාරව සිටි කන්‍යා සොහොයුරියන් දෙදෙනෙකු සහ සේවිකාවන් දෙදෙනෙකු නේවාසිකාගාරය තුළම ස්වයං නිරෝධානයට යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.
 

More News..