brand logo

පාසල් නිල ඇදුම් වවුචර් පත්වල වලංගු කාලය දීර්ඝ කෙරේ

21 December 2018

පාසල් නිල ඇදුම් වවුචර් පත් සඳහා ලබාදී තිබූ වලංගු කාලය පෙබරවාරි 28 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා උපදෙස් ලබාදී තිබෙනවා. අදාළ වවුචර් පත් සදහා ලබාදී තිබූ කාලය අවසන් වීමට නියමිතව තිබුනේ දෙසැම්බර් මස 31 වැනි දිනයි. පසුගිය නොවැම්බර් මස 5වැනි දින වන විට පාසල් දරුවන් සදහා වවුචර් පත් ලබාදීමට නියමිතව තිබුණත් එය හදිසියේ බලයට පත් රජය විසින් එම වවුචර් පත් බෙදාහැරීම නතර කිරීම මෙලෙස වවුචර් පත්වල වංලගු කාලය දීර්ඝ කිරීමට හේතුවයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ රාජකාරී කටයුතු ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සදහන් කළා.
 

More News..