brand logo

පාසල් දැරියක් කෙලෙසූ රියැලිටි ගායකයා අත්අඩංගුවට

01 October 2021

බරපතළ ලිංගික දූෂණයට හා අපයෝජනයට ලක්වූ දැරිය රාගම ශික්ෂණ රෝහලට

කඳාන පොලිස් වසමට අයත් වැලිගම්පිටිය ප්‍රදේශයේ 15 හැවිරිදි පාසල් දැරියක බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බව කඳාන පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් මේ දිනවල රුපවාහිනියේ විකාශනය වෙමින් පවතින ප්‍රසිද්ධ සංගීත වැඩසටහනක තරග වදිමින් සිටින 19 හැවිරිදි තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. බරපතළ ලිංගික දූෂණයට හා අපයෝජනයට ලක්ව ඇති දැරිය මේවන විට වෛද්‍ය පරික්ෂණය සඳහා රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත.

දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ ඇගේ නිවසේදීම බව පරික්ෂණ කටයුතුවලදී හෙළිවී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති තරුණයා කොළඹ ප්‍රසිද්ධ විදුහලක 13 වසරේ අධ්‍යාපනය ලබන වල්පොල රුග්ගහවිල පදිංචි පාසල් සිසුවකු බව පොලිසිය පවසයි.

සැකකරුගේ පියා ඇමරිකා එක්සත් ජනපදයේ ආයතනයක ගණකාධිකාරිවරයකු වශයෙන් සේවය කරන අයකු බවත් මව රජයේ ප්‍රසිද්ධ රෝහලක හෙදියක් බවත් අනාවරණය වී ඇත. ටී.කේ බර්නාඩ් -ජාඇළ
 

More News..