brand logo

පාසල් දරුවන් ඇපයට ගන්න එපා - ඇමති අකිල

18 March 2019

පාසල් දරුවන් ඇපයට තබා ගනිමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත නොවන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඉල්ලීමක් කරයි. ගුරු විදුහල්පති වැටුප් ගැටළුව සමතයකට පත් කීරීම සඳහා මේ වනවිට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය. අලව්ව රත්නාලංකාර විද්‍යාලයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව ප්‍රකාශ කළේය.
 

More News..