brand logo

පාසල් දරුවන්ට සෞඛ්‍යාරක්ෂිත මැටි

09 September 2020

ලංකා පිඟන් සංස්ථාව මීට පෙර නිෂ්පාදන 30ක් පමණ සිදුකර ඇති බවත් අද වනවිට එය උළු සහ ගඩොල් යන නිෂ්පාදන වලට සිමාවී ඇති බවත් ඉදිරියේදී පැරණි නිෂ්පාදනයන් වෙත නැවත ප්‍රවේශ වියයුතු බවත් අමාත්‍ය විමල් විරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ අදහස් පළකලේ ඊයේ දින (08) ලංකා පිඟන් සංස්ථාවේ නිලධාරීන් හා අමාත්‍යවරයා අතර පවතී සාකච්ඡාවක දී යි. තවද පෙර පාසල් දරුවන්ට අධ්‍යාපනය සඳහා අවශ්‍ය වන චීනයෙන් ගෙන්වන ප්‍රමිතියෙන් තොර "මැටි ක්ලේ" වෙනුවට පිඟන් සංස්ථාවේ "මැටි ක්ලේ" ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා ලෙස අමාත්‍යවරයා උපදෙස් දී ඇති බව වාර්තා වේ. භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ සහ විශ්වවිද්‍යාල වල , උසස් තාක්ෂණ විද්‍යාලවල ශිෂ්‍යයන් ද සහභාගී කරගෙන ඉදිරියේදී ලංකා පිඟන් සංස්ථාවට අවශ්‍ය මැටි සොයාගැනීම කළ හැකි බවත් පරීක්ෂණ පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙසත් උපදෙස් ලබාදී ඇත. නව අදායම් උපයා ගැනීමේ සැලැස්මක් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා සිදුව ඇති බව වාර්තා වේ.
 

More News..