brand logo

පාසල් දරුවන්ට දුන් කෝටි 25 නැවත භාණ්ඩාගාරයට

21 September 2020

  පාසල් සිසුන්ගේ ශාරීරික යෝග්‍යතාව දියුණු කිරීම සඳහා 2018 සහ 2019 වසර දෙක සඳහා වෙන් කළ රුපියල් කෝටි 45ක මුදලින් අධ්‍යාපන අමාත්‍යාංශය වැය කර ඇත්තේ රුපියල් කෝටි 20 ක් පමණකි. ඉතිරි රුපියල් කෝටි 25 ක මුදල ප්‍රයෝජණයක් නොගැනීම නිසා යළි මහා භාණ්ඩාගාරය වෙත ගොස් ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශයට අදාළ විගණන වාර්තාවේ දැක්වේ. පාසල් දරුවන්ගේ සහ ශාරීරික යෝග්‍යතා වර්ධනයට 2018 දී වෙන් කළ රුපියල් කෝටි 30 කින් රුපියල් කෝටි 20 ක්ද, 2019 වසරේදී වෙන් කළ රුපියල් කෝටි 15 න් රුපියල් කෝටි 5 ක්ද මෙසේ ඉතිරිවී ඇත. මෙරට තිබෙන රජයේ පාසල් සංඛ්‍යාව 10,162 කි. ඉන් පාසල් 6663 කට ස්ථීර පුස්තකාල පහසුකම් නොමැති බවද විගණකාධිපති වාර්තාවෙන් අනාවරණයවේ. පාසල්වල දැනට සේවය කරන පුස්තකාලයාධිපතිවරුන් 2607 දෙනාගෙන් ඒ සඳහා සුදුසුකම් ඇත්තේ 701 දෙනෙකුටය. 1906 දෙනෙකුට එම තනතුර දැරීම සඳහා කිසිදු සුදුසුකමක් නැති බවද විගණකාධිපතිවරයා පෙන්වා දෙයි. අජිත් අලහකෝන්
 

More News..