brand logo

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ පුද්ගලයෙකු මාට්ටු

02 September 2019

පාසල් දරුවන්ට ගංජා අලෙවි කළ මැදිරිගිරිය ඇගළුම් කම්හලේ සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයේ හිමිකරු කේරළ ගංජා පැකට් 76ක් සමග අද (02) උදෑසන අත්අඩංගුවට ගත් බව මැදිරිගිරිය පොලීසිය සඳහන් කරයි. අත්අඩංගුවට පත්ව ඇත්තේ මැදිරිගිරිය යාය 03 ප්‍රදේශයේ 28 හැවිරිදි විවාහක පුද්ගලයෙකු වන අතර මොහු වෑන් රථයක් සහ බස් රථයක් ඇති බවත් එම රථ වාහන දෙක උපයෝගි කර ගනිමින් කලක පටන් ඉතා සුක්ෂම ලෙස මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇති බව අනාවරණය වෙයි. වෑන් රථයේ සඟවා තිබු ගංජා පැකට් 71ක් සහ තම කලිසම් සාක්කුවේ තිබි ගංජා පැකට් 05ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කරයි. පොලීසියට ලද තොරතුරක් අනුව මේම වැටලීම සිදු කර ඇත.
 

More News..