brand logo

පාසල් ක්‍රීඩා පිටියක් පිළිසකර කරද්දි කාලතුවක්කු උණ්ඩ හමුවෙයි

26 January 2021

    මුලතිව් මුල්ලියාවලෙයි පොලිස් වසමේ විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටියේ පොලව යට තිබී කාලතුවක්කු උණ්ඩ සොයාගෙන තිබේ. මෙලෙස කාලතුවක්කු උණ්ඩ 6 ක් තිබී සොයාගත් බව මුල්ලියාවලෙයි පොලීසිය සඳහන් කරනවා. විද්‍යානන්ද විදුහලේ ක්‍රීඩාපිටිය පිළිසකර කිරීමේ කටයුත්තේ යෙදී සිටි ඉංජිනේරුවරුන් පිරිසකට මෙම උණ්ඩ 6 සොයාගෙන ඇති අතර පසුව මුල්ලියාවලෙයි පොලීසිය දැනුවත් කර තිබේ. යුද සමයේ දී කොටි සංවිධානය විසින් යොදාගත් කාලතුවක්කු උණ්ඩ බව පැවසෙන අත‍ර පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ සහය ඇතිව නිශ්ක්‍රීය කිරීමට පියවර ගෙන ඇති බවටද මුල්ලියාවලෙයි පොලීසිය සඳහන් කරනවා.
 

More News..