brand logo

පාසල් ක්‍රිකට්වලට අත දෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් පන්දු 8000 ක්

20 January 2020

නාගරික ප්‍රදේශ වල මෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ක්‍රිකට් ක්‍රීඩාව කරගෙන යන පාසල් වලට අතදීමක් වශයෙන් වයස අවුරුදු 19 න් පහළ ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරනු ලබන සියළුම කාණ්ඩ වල පාසල් සඳහා ක්‍රිකට් සැලකිය යුතු ආයෝජනයක් හෙවත් පන්දු 8133 ක බෙදා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන සභාපති ශම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ සංකල්පයකට අනුව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේද සහාය ඇතිව මෙම පන්දු බෙදාදීම ඉකුත් 17 වැනි දින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී සිදුකෙරිණ. අදියර 2 ක් යටතේ සිදුකෙරුණු මෙම පන්දු ප්‍රදානයේ දෙවැනි අදියර හෙවත් තෙවැනි කාණ්ඩය යටතේ ක්‍රීඩා කරනු ලබන පාසල් 186 ක් වෙනුවෙන් පන්දු 4776 ක්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන භාණ්ඩාගාරික ලසන්ත වික්‍රමසිංහ, දේශීය ක්‍රිකට් අංශ ප්‍රධානී චින්තක එදිරිමාන්න සහ ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ උප සභාපති කොළඹ නාලන්දා විදුහලේ විදුහල්පති තිලක් වත්තුහේවා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් බෙදා දෙන ලදී. තෙවැනි පෙළ කාණ්ඩයේ පළමු කොටස නියෝජනය කරනු ලබන පාසලක් සඳහා පන්දු 36 බැගින්ද එම කාණ්ඩයේ දෙවැනි කොටස නියෝජනය කරනු ලබන පාසලක් වෙනුවෙන් පන්දු 20 බැගින්ද වන පරිදි අන්තර් පාසල් වයස අවුරුදු 19 න් පහළ තරගාවලිය නියෝජනය කරනු ලබන පාසල් 188 ක ක්‍රීඩා භාර ආචාර්යවරුන්, පුහුණුකරුවන් සහ කණ්ඩායම් නායකයින් වෙත මෙම පන්දු පිරිනමන ලදී. මෙහි පළමු අදියර හෙවත් පළමු කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 37 ට සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසල් 34 ට බෙදා දීම මීට පෙර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන උප සභාපති රවීන් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නාලන්දා විදුහල් පරිශ්‍රයේදී සිදුකෙරිණ. එහිදී පළමු සහ දෙවැනි කාණ්ඩය නියෝජනය කරනු ලබන පාසලකට පන්දු 45 බැගින් කාණ්ඩ දෙක නියෝජනය කරනු ලබන පාසල් 71 කට පන්දු 31295 ක් පිරිනැමිණ. මීට අමතරව අවුරුදු 19 න් පහළ සෑම කාණ්ඩයකම දෙවැනි වටයේ සිට අවසන් මහ තරගය දක්වා අවශ්‍ය සියළුම පන්දු ඉදිරියේදී ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ.
 

More News..