brand logo

පාසල්වල සෞඛ්‍ය නංවන්න පෞද්ගලික අංශයෙත් සහාය ලැබෙනවා-ඇමැති ඩලස්

02 June 2020

පාසල්වල සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ලබාදීම ​සඳහා පෞද්ගලික අංශයේද සහාය ලැබෙමින් පවතින බව අධ්‍යාපන ක්‍රීඩා හා තරුණ කටයුතු ඇමැති ඩලස් අලහප්පෙරුම පැවසීය. සියලු දෙනාගේ සහයෝගයෙන් පාසල්වලට අවශ්‍ය එම පහසුකම් කඩිනමින් ලබා දෙන නමුත් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බවත් ඇමැතිවරයා සඳහන් කළේය. පාසල්වලට අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් වෙනුවෙන් අමාත්‍යාංශය මේ වන විට රුපියල් දස ලක්ෂ දෙසීයක් පමණ වෙන් කර ඇති අතර උෂ්ණත්වමාන මිලදී ගැනීම සඳහා මේ සතියේදී ටෙන්ඩර් කැඳවීමට නියමිතය. නිලන්ත මදුරාවල
 

More News..