brand logo

පාසල්වල සියලු උත්සව අත්හිටුවයි

15 February 2021

කොරෝනා වසංගතයේ පවතින අවදානම් තත්වය හේතුවෙන් පාසල්වල සියලු උත්සව පැවැත්වීම නැවත දැනුම් දෙනතුරු අත්හිටුවන ලෙස අධ්‍යාපන ලේකම්වරයා විසින් ලිපියක් නිකුත්කර තිබේ. අධ්‍යාපන ලේකම්වරයා විසින් සියලු පළාත්, කලාප, කොට්ඨාස අධ්‍යාපන බලධාරීන් සහ පරිවේණාධිපතිවරුන් හා විදුහල්පතිවරුන් වෙත ඊට අදාළ උපදෙස් නිකුත් කර ඇත. ඒ අනුව දැනට යම් පාසලක උත්සව පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කරමින් පවතී නම් ඒ සියල්ල ද ඉදිරියේ සැලසුම්කර ඇති උත්සව ද නැවත දැනුම්දෙන තුරු අත්හිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා මෙම ලිපිය මගින් වැඩිදුරටත් අවධාරණය කරයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය මත පවතින අවදානම්කාරී හා අනාරක්ෂිත බව නොසලකා ඇතැම් පාසල්වල විවිධ උත්සව පැවැත්වීම හා ඊට අදාළ සංවිධාන කටයුතු සිදුකෙරෙන බවට තොරතුරු වාර්තා වී තිබීම හේතුවෙන් මෙම පියවරගෙන තිබේ. එළඹ ඇත්තේ දරුවන් ඇතුළු සමස්ත පාසල් ප්‍රජාවගේ සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් දැඩි වගකීමෙන් සහ අවධානයෙන් කටයුතු කළ යුතු කාල පරිච්ඡේදයක් බවත් අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා අවධාරණය කරයි.
 

More News..