brand logo

පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය අද සිට අහෝසියි

29 January 2019

අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ අවස්ථා පවතින බව අනාවරණ වීමත් සමඟ පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබඳව නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම අවලංගු කරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබාදී ඇත. පාසල්වලට මුදල් එක්රැස් කිරීමේදී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කරගනිමින් 2018 වසරේ ජුනි මස 22 වැනිදා හිටපු අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් 26/2018 දරණ මෙම චක්‍රලේඛය නිකුත් කර තිබු අතර අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් චක්‍රලේඛය අද සිට අවලංගු වන බව සඳහන් කරයි. ඒ වෙනුවට පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම සම්බන්ධයෙන් නිකුත් කර ඇති 5/2015 චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන ඇත.
 

More News..