brand logo

පාසල්වල පැවැත්විය හැකි සහ නොහැකි උත්සව

17 February 2021

පාසල් සිසුන් සම්බන්ධ කරගනිමින් පැවැත්විය හැකි හා නොහැකි උත්සව සහ වැඩසටහන් පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් දැනුවත් කිරීමක් සිදුකර තිබේ. පාසල් පරිශ්‍රයෙන් බැහැර ව විශාල වශයෙන් ළමුන් ඒකරාශී කොට සිදුකරනු ලබන පෙරහැර පැවැත්වීම්, රථවාහන පෙළපාලි හා සංදර්ශන වැනි වැඩසටහන් සඳහා සිසුන් සහභාගී කරවීම තහනම් වන බව නිවේදනයක් නිකුත්කරමින් එම අමාත්‍යාංශය සඳහන් කර ඇත. එමෙන්ම බාහිර පුද්ගලයන් සමඟ ගැටෙන ආකාරයෙන් සංවිධානය කරනු ලබන සෞඛ්‍යමය වශයෙන් අවදානම් සහගත වැඩසටහන් සඳහා ද සිසුන් සහභාගී කරවීම අමාත්‍යංශය විසින් තහනම් කර ඇත. එසේ වුව ද පාසල තුළ සංවිධානය කෙරෙන විෂය සමගාමී එනම්, කථික තරඟ, විවාද තරඟ, රුක් රෝපණ වැඩසටහන් වැනි දෑ සඳහා ඉහත තහනම වලංගු නොවේ. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශිත ක්‍රීඩා ඉසව්, සිසු ආකල්ප හා කුසලතා සංවර්ධනය සඳහා සිසුන් විශාල වශයෙන් එක් රැස් නොකරමින් සිදුකරන වැඩසටහන්, පාසල් සංවර්ධනය උදෙසා පැවැත්වෙන නිල රාජ්‍ය උත්සව හා දූරස්ථභාවය ආරක්ෂා කර ගනිමින් සෞඛ්‍ය වත් පිළිවෙත්වලට අනුකූල ව සංවිධානය කළ හැකි වැඩසටහන් සඳහා එම තහනම බලනොපැවැත් වේ.  
 

More News..