brand logo

පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකු වෙඩි ප්‍රහාරයකින් මරුට

04 July 2019

අද දහවල් 12.05 ට පමණ අක්මීමන පොලිස් වසමේ මානවිල් ප්‍රදේශයේ පාසලකට බලහත්කාරයෙන් ඇතුළු වීමට ගිය පුද්ගලයෙකුට ආරක්ෂක නිලධාරීන් විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇත. එම අවස්ථාවේ උපනන්ද කණ්ෂ්ඨ විද්‍යාලයේ යුද හමුදා නිලධාරීන් දෙදෙනෙකු ආරක්ෂක රාජකාරී යොදවා තිබී ඇති අතර විදුහලේ එක් දොරටුවක් ආසන්නයේ රාජකාරී යොදවා සිටි නිලධාරියෙකු විසින් බලහත්කාරයෙන් විදුහලය ඇතුළු වීමට ගිය පුද්ගලයා නතර කර පරීක්ෂා කිරීමට උත්සහ කර ඇත. එහිදී යුද හමුදා නිලධාරීයාට බාධා කරමින් ගිනි අවිය උඳුරා ගැනීමට උත්සහ දැරු අවස්ථාවේ එය මැඩ පැවැත් විමට යෑමේ දී මෙම පුද්ගලයාට වෙඩි වැදී ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කරාපිටිය රෝහලට ඇතුළු කිරීමේ දී මිය ගොස් ඇති අතර ඔහු 39 හැවිරිදි අයෙක් බව අනාවරණය වී ඇත.
 

More News..