brand logo

පාවෙන ගෝනුන්ගේ සිරුරු අඹේවෙල ජලාශයේ

19 August 2022

අඹේවෙල ජලාශ ධීවරයෝ වනජීවි නිළධාරීන්ට චෝදනා කරයි

හොර්ටන්තැන්න රක්ෂිතයේ සැරිසරන ගෝනුන් විශාල පිරිසකගේ සිරුරු නානුඔය අඹේවෙල ජලාශයේ පාවෙමින් තිබෙන බව එම ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයෝ පවසති.සතියකට ගෝනුන් දස දෙනෙකු පමණ ජලාශය තුල මිය යන බවයි ධිවරයින් කියා සිටියේ. අඹේවෙල ප්‍රදේශයේ දඩයම්කරුවන් විසින් දඩයම් සදහා පුරුදු කර ඇති සුනඛයින් ඇතිකර රක්ෂිතයේ අත්හැර දමා ගොස් ඇති අතර එම සුනඛයින් හොර්ටන්තැන්න සිට ආහාර සහ ජලය සොයා පැමිණෙන ගෝනුන් සපා කා ජලාශය තුලට පන්නා දමන බවත්, ඉතා ගැඹුරු අඹේවෙල ජලාශයේ එසේ පන්නා දමන ගෝනුන් දියේ ගිලි මියයන බවත් ජලාශයේ ධිවර කටයුතු වල නියැලි සිටින ධිවරයෝ කියා සිටිති. අඹේවෙල ජලාශයෙන් නිකුත් කරනු ලබන ජලය ප්‍රදේශ කීපයකම පානිය ජලය සහ වගා කටයුතු සදහා භාවිතා කරන බවත්,මේ පිලිබදව වනජිවි නිලධාරින් දැනුවත් කර තිබුණද ඒ සදහා මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බවට ධීවරයෝ චෝදනා කරති රංජිත් රාජපක්ෂ - හැටන්
 

More News..