brand logo

පාවී එන කොවිඩ් සිරුරු අල්ලන්න ගංගා නදියට දැවැන්ත දැළක්

14 May 2021

පාවී එන කොවිඩ් මළ සිරුරු ග්‍රහණය කර ගැනීමට ගංගා නදිය හරහා විශාල දැළක් එළීමට ඉන්දියාවේ බිහාර් ප්‍රාන්ත බලධාරීන් කටයුතු කර තිබේ. පසුගිය සඳුදා (10) සිට ඊයේ (13) දිනය තෙක් කාලය තුළ පමණක් ගංගා නදියේ පාවී ආ මළ සිරුරු 71ක් ගොඩ ගැනීමට බිහාර් බලධාරීන් සමත් වී ඇති අතර එලෙස ගොඩ ගැනීමට නොහැකි වූ තවත් බොහෝ සිරුරු පහළ පෙදෙස් කරා පාවී යන බව වාර්තා වේ. මෙම මළ සිරුරු බිහාර් ප්‍රාන්තයේ අසල්වැසි උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ සිට පාවී එන බවටයි සැක කරන නමුත් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්ත බලධාරීන් එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඒ අනුව මළ සිරුරුවල අනන්‍යතාව තහවුරු කරගැනීම සඳහා පරීක්ෂණ පැවැත්වෙන අතර බොහෝ මළ සිරුරු විකෘති වී ඇති අතර එනිසා ඒවා හඳුනා ගැනීම අසීරු වී ඇතැයි වාර්තා වේ Coronavirus: Net Across Ganges To Catch India Covid-19 Corpses Corpses in Ganga: Buxar locals more worried about water contamination than where bodies came from | India News,The Indian Express COVID-19 in Bihar: Horror in Chausa Town As Dead Bodies Wash Up on Banks of Ganga
 

More News..