brand logo

පාරිභෝගික රාජ්‍ය ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්

03 December 2021

ගෑස් ආශ්‍රිත අනතුරුවල වගකීම සමාගම් භාර ගත යුතුයි

දැනට නිවෙස්වල භාවිතයට ගැනෙමින් තිබෙන ගෑස් සිලින්ඩර සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කර තිබෙනවා. ඔහු මේ බව කියා සිටියේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ දිවයින පුරා ගෘහස්ථ ගෑස් සිලින්ඩර බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින්. එහිදී ඔහු කියා සිටියේ ගෑස් ආශ්‍රිත අනතුරු සම්බන්ධයෙන් වගකීම අදාළ සමාගම් භාර ගත යුතු බවයි. අමාත්‍යවරයාගේ දැනුම්දීම අනුව දිවයින පුරා ගෑස් බෙදාහැරීම සහ අලෙවිය අත්හිටුවීමට ලිට්රෝ ගෑස් සමාගම පියවර ගෙන තිබෙනවා.
 

More News..