brand logo

බදු සහන ප්‍රතිලාභයෙන් පාරිභෝගික භාණ්ඩ රැසක මිල අඩුවෙයි

14 February 2020

රජය මගින් බදු සහන ප්‍රතිලාභය ජනතාවට ලබාදීමේ අරමුණින් භාණ්ඩ 18,000 කට අධික සංඛ්‍යාවක මිල අඩු කිරීම සඳහා පියවර ගෙන ඇති බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. භාණ්ඩ නිෂ්පාදන සමාගම් සහ ආයතන 700ක ගෙන් පමණ භාණ්ඩ මිල අඩු කිරීම් සම්බන්ධයෙන් ලිඛිතව විමසා අනතුරුව මෙම පියවර ගෙන ඇති බව එම අධිකාරිය සඳහන් කරයි. භාණ්ඩවල මිල ගණන් සහ බදු සහනය ලබාදීමෙන් පසු භාණ්ඩවල මිල අඩු කිරීම සිදුකළ හැකි ආකාරය සම්බන්ධව බදු සහනය ලබාදීමට පෙර සදහන් කරන්නැයි විමසූ විට එයට පිළිතුරු වශයෙන් අදාල සමාගම් විසින් ලබාදුන් තොරතුරු මත පදනම්ව භාණ්ඩවල මිල ගණන් අඩු කිරීම සම්බන්ධයෙන් වන විශ්ලේෂණ කටයුතු සලකා බලමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පැවසුවේය. ආහාර ද්‍රව්‍ය, ළදරු නිෂ්පාදන,විදුලි උපකරණ, ගෘහ උපකරණ,ගොඩනැඟිලි ද්‍රව්‍ය, රූපලාවන්‍ය නිෂ්පාදන ඇතුළු භාණ්ඩ රැසක මිල අඩු කිරීම් බදු සහන ප්‍රතිලාභය යටතේ සිදු කිරීමට නියමිතව තිබේ.
 

More News..