brand logo

පාරිභෝගික අධිකාරිය වැඩේ නොකළොත් ආරක්ෂක අංශ යොදවා සැඟවූ සහල් තොග එළියට ගන්නවා

24 December 2019

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකාර්යක්ෂම නම් ආරක්ෂක අංශ යොදවා හෝ සඟවා ඇති සහල් තොග ගැනීමට කටයුතු කරන බව ඇමැත බන්දුල ගුණවර්ධන ඊයේ (23වැනිදා) ප්රකාශ කළේය. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්ය හමුවකදී ඇමැතිවරයා වැඩිදුරටත් ප්රකාශ කළේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ තිබූ කාර්යක්ෂමභාවය අද දක්නට නැති බවය. හිටපු විෂයභාර ඇමැති රිෂාඩ් බදුයුදීන් යටතේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අකර්මන්ය හා දූෂිත ආයතනයක් බවට පත්වූ බව කී ඇමැතිවරයා අධිකාරිය කාර්යක්ෂම කිරීමට නොහැකි වුවහොත් සඟවා ඇති සහල් තොග ආරක්ෂක අංශවලට ලබාගැනීමට කටයුතු කරන බව කීවේය.
 

More News..