brand logo

පාර්ලිමේන්තු සැසිය කල් තැබීම 01 වැනිදා හෝ 02 වැනිදා

29 November 2019

පාර්ලිමේන්තු සැසිවාරය මෙම 01 වැනිදා හෝ 02 වැනිදා ජනාධිතිවරයා විසින් බොහෝ දුරට කල් තබනු ඇතැයි පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ට පැවසුවේය. ඒ අනුව නව පාර්ලිමේන්තු සැසිවාරය දෙසැම්බර් 12 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් ආරම්භ වනු ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. ඒ අනුව මෙම 03 වැනිදා පාර්ලිමේන්තු රැස්වීම නොපැවත්වෙනු ඇත. ජනාධිපතිවරයා ඉන්දීය සංචාරය නිමකර යළි මෙරටට පැමිණි පසුව පාර්ලිමේන්තු සැසිවාරය කල් තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කරනු ඇතැයි විශ්වාස කෙරේ. අටවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය 2015 සැප්තැම්බර් 01 වැනි දා ආරම්භ වූ අතර 2018 අප්‍රේල් 12 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එම සැසිවාරය අවසන් කළේ ය. දෙවැනි සැසිවාරය 2018 මැයි 08 වැනිදා ආරම්භ වී යළි 2018 ඔක්තෝබර් 27 වැනිදා අවසන් කෙරිණි. තුන්වැනි සැසිවාරය 2018 නොවැම්බර් 14 වැනිදා ආරම්භ වූ අතර එය ලබන සතියේ අවසන් කළොත් යළි ආරම්භ වන්නේ අටවැනි පාර්ලිමේන්තුවේ හතරවැනි සැසිවාරය වේ. අජිත් අලහකෝන්
 

More News..