brand logo

පාර්ලිමේන්තු සැසිය කල් තබන ගැසට්ටුව අද

02 December 2019

පාර්ලිමේන්තු සැසිවරාය කල්තැබීමේ ගැසට් නිවේදනය අද (2වැනිදා) නිකුත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ තීරණය කර තිබේ. ඒ අනුව අටවැනි පාර්ලිමේන්තුවේ හත්වැනි සැසිවාරය මෙම 12 වැනිදා හෝ 13 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය. පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීම නැතහොත් සැසිවාරය කල්තැබීම යනු පාර්ලිමේන්තුවේ කටයුතු සඳහා තාවකාලික විරාමයක් ලබාගැනීමය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව ඒ සඳහා ජනාධිපතිවරයාට බලය පැවැරේ. වාරාවසාන කිරීමේ නිවේදනය ජනාධිපතිවරයා විසින් නිකුත් කිරීමේදී නව සැසිවාරය ආරම්භ කරන දිනයද එම ප්‍රකාශයේම සඳහන් විය යුතුය. ඒ අනුව යළි පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනය අද ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත්කරනු ඇත. එය මෙම 12 වැනිදා හෝ 13 විය හැකි බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් ‘අරුණ’ ට කීවේය. පාර්ලිමේන්තු වාරාවසාන කර ඇති අවස්ථාවක කථානායකවරයා එම ධුරයේ අඛණ්ඩව කටයුතු කරගෙන යා යුතුය. එහෙත් කෝප් කමිටුව ඇතුළු කාරක සභා අහෝසි වේ. නව සැසිවාරයේදී එම කමිටු යළි පත්කළ යුතුය. මේ වනවිට මෙරට පාර්ලිමේන්තුව හතළිස් වරක් පමණ වාරාවසාන කර ඇත. දැනට පවතින්නේ අටවැනි පාර්ලිමේන්තුවේ තුන්වැනි සැසිවාරය වේ. එය රැස්වූයේ 2018 නොවැම්බර් 14 වැනිදාය. අජිත් අලහකෝන්/උදයජීව ඒකනායක  
 

More News..