brand logo

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීම හෙට

11 February 2020

පාර්ලිමේන්තු විශේෂ පක්ෂ නායක රැස්වීමක් හෙට (12) කැඳවා තිබේ. අරුණ කළ විමසීමකදී පාර්ලිමේන්තු වේත්‍රදාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ හෙට (12) පස්වරු 3.00 ට කතානායක කරු ජයසුරිය මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම පක්ෂ නායකයින් හමුවීමට නියමිත බවයි. රක්ෂිත බන්ධනාගාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති හඩපට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දීම සම්බන්ධයෙන් මෙහිදී අවධානය යොමුවනු ඇති බවද වේත්‍රද්‍රාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය. ලබන 18 වනදා ආරම්භ වන ඉදිරි පාර්ලිමේන්තු සැසියේ කටයුතු පිළිබදව ද මෙහිදි අවධානය යොමු කෙරෙනු ඇති බව පාර්ලිමේන්තු වේත්‍රද්‍රාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් කියා සිටියේය.
 

More News..