brand logo

පාර්ලිමේන්තු මැතිවරණය ඉල්ලා හම්බන්තොට ජනතාව පාරට බසී

14 November 2018

ජනමතයට ගරු කරමින් පාර්ලිමේන්තු මැතිවරණය වහා ලබා දෙන ලෙස ඉල්ලමින් හම්බන්තොට ජනතාව අද පෙරවරුවේ උද්ඝෝෂණයක නිරත වූහ. රටේ ජාතික දේපල විකුණමින් රට අරාජිකව තිබු අවස්තාවක රට ගොඩගැනීම උදෙසා ජනාධිපතිවරයා විසින් නව අගමැතිවරයෙක් පත් කර පාර්ලිමේන්තුව විසුරුවා ජනතා මතය විමසීම සදහා ලබාදුන් අවස්තාව පාර්ලිමේන්තු මැතිවරණයට විරෝධය දක්වූ ජනතා විමුක්ති පෙරමුණට හා එක්සත් ජාතික පක්ෂයට විරෝධය පළකරමින් අද පෙරවරුවේ හම්බන්තොට ජනතාව හම්බන්තොට ලුණු ලේවාය ඉදිරිපිටදී මෙලෙස පැයකට ආසන්න කාලයක් උද්ඝෝෂනයේ නිරත වූහ. මෙම විරෝධතාවයට හම්බන්තොට මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් ,හම්බන්තොට ලුණු ලේවායේ සේවකයින් ඇතුළු ප්‍රදේශවාසීන් සහභාගී වූ අතර ඔවුන් ඉල්ලා සිටියේ ජනතාවට ලබා දුන් වරම ජනමතයට ගරුකරමින් කඩාකප්පල් කිරීමට උත්සහ නොකර ජනතාවටම ලබාදෙන ලෙසයි.  
 

More News..