brand logo

පාර්ලිමේන්තු මාධ්‍යවේදීන්ගෙන් ආසාධතයින් පොකුරක් වාර්තා වෙමින් ඇති බව CJE කියයි

04 November 2020

මාධ්‍යවේදීන් කිහිප දෙනෙක්ට මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඔවුන්ගේ සමීපතයින් වන අනෙක් මාධ්‍යවේදීන්ට පී.සී.ආර්. පරීක්ෂණ කිරීමට රජය මැදිහත් විය යුතු යැයි ජනමාධ්‍ය සහ අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය අවධාරණය කරයි. පාර්ලිමේන්තු සැසි ආවරණය කළ මාධ්‍යවේදිනියකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග පසුගිය සතියේදී පාර්ලිමේන්තුව වාර්තා කළ මාධ්‍යවේදීන් සියලුදෙනාටම ස්වයං නිරෝධායනය වන ලෙසට දැනුම්දී තිබුණි. එසේ නිරෝධායනය වන මාධ්‍යවේදින් අතරින් තවත් කිහිප දෙනෙක්ට මේ වන විට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරුවී තිබේ. පාර්ලිමේන්තුව වාර්තා කළ මාධ්‍යවේදීන් අතරින් තවත් ආසාදිතයින් පොකුරක් වාර්තාවෙමින් තිබෙන බව පැහැදිළිය. මේ ගැන සෞඛ්‍ය අංශවල දැඩි අවධානය යොමු විය යුතුව ඇත. ඒ අතරම ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ද දැඩි අවදානමක් දරාගෙන බිම් මට්ටමේ මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන දැඩි අවධානයට ලක්විය යුතුය. ආර්ථික දුෂ්කරතාවලට මුහුණදෙමින් සිටින මාධ්‍යවේදීන්ට සහ ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට මුදල් ගෙවා පුද්ගලික රෝහල්වලින් පී.සී.ආර්. පරීක්ෂණ කර ගැනීමේ දුෂ්කරතාවයක් පවතී. මේ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශය සෘජු ලෙසම මැදිහත්වී මාධ්‍යවේදීන්ට පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට කටයුතු කළ යුතු යැයි ජනමාධ්‍ය සහ අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය අවධාරණය කර සිටී. මෙවැනි වසංගත තත්වයක් හමුවේ නිවරදි තොරතුරු ජනතාව අතර පත් කිරීමේ සන්නිවේදකයින් වන මාධ්‍යවේදීන්ගේ කාර්යභාරය සුළු කොට තැකිය නොහැකි අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සදහා ගත හැකි සියලුම පියවර ගන්නා ලෙස ජනමාධ්‍ය සහ අධ්‍යාපනය සදහා වූ මධ්‍යස්ථානය රජයට වධාරණය කර සිටී.
 

More News..