brand logo

පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා අභාවප්‍රාප්ත වෙයි

04 December 2019

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා අද(04) උදෑසන අභාවප්‍රාප්ත වී ඇත. සිංගප්පූරුවේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඔහු මියයනවිට 57 වන වියේ පසුවිය. එක්සත් ජනතා නිදහස් සංධානයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුවද මියයන විට ඔහු ශ‍්‍රීලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ අතර පසුගිය ජනාධිපතිවරණයේ දි ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් වැඩ කළේය.
 

More News..