brand logo

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. රමේෂ්වරන්ට කොවිඩ්

19 May 2021

ලංකා කම්කරු කොංග්‍රසයේ භාණ්ඩාගාරික සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මරුදපාණ්ඩි රමේෂ්වරන් මහතාට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ. මන්ත්‍රීවරයාට කොවිඩ් 19 රෝග ලක්ෂණ මතුවිම නිසා දික්ඔය මූලික රෝහලේදී අද(19) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ඔහුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත. ඒ අනුව මන්ත්‍රීවරයාගේ ආශ්‍රිතයින් කිහිප දෙනෙකු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව වාර්තා වේ
 

More News..