brand logo

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට වැඩකරන්න මිලියන 20ක් - රැකියා 700ක්

13 December 2019

රටේ ජනතාව බලා සිටි යුගය මේ වන විට උදාවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පැවැසීය. මන්ත්‍රීවරයා මේ බව සදහන් කළේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හමුවීමෙන් අනතුරුවය. එම හමුවේදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබන ජනවාරි 31 දා වන විට ව්‍යාපෘති කිහිපයක් ක්‍රියාත්මක කර අවසන් කිරීම වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මිලියන 20ක් බැගින් ලබාදීමට තීරණය කළ බවද චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පැවසීය. එමෙන්ම සෑම ගමකටම රුපියල් ලක්ෂ 20ක් ලබාදීමටත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට රැකියා 700ක් හා පළාත් සභා මන්ත්‍රීවරයෙකුට රැකියා 100ක් ලබාදෙන බවත් ජනපතිවරයා සදහන් කළ බව ද ඔහු වැඩිදුරටත් සදහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ චන්දිම වීරක්කොඩි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා.... ජනාධිපතිතුමා රජය, රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ වරප්‍රසාද කප්පාදු කරලා, තැලෙන පොඩිවෙන දුප්පත් මිනිසුන්ගේ ප්‍රශ්න වෙනුවෙන් ඒ මුදල් වෙන්වෙන යුගය ආරම්භ වුනා කියලා අද අපිට සතුටු වෙන්න පුළුවන්.
 

More News..