brand logo

පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කළ බස් රථය ජල තටාකයකට පෙරලෙයි

20 November 2020

    පාර්ලිමේන්තු කාර්යමණ්ඩලය ප්‍රවාහනය කරන බස් රථයක් අද පස්වරුවේ  පාර්ලිමේන්තු සංකීර්ණය තුල ඇති  ජල තටාකයකට පෙරලි ඇත. අනතුර සිදුවනවිට බස් රථයේ 15කට ආසන්න පිරිසක් ගමන් කර ඇත. පස්වරුවේ ඇදහැළුණු මහ වර්ෂාව හේතුවෙන් රියදුරුට මාර්ගය නිසි ලෙස නිරීක්ෂණය නොවීම් අනතුරට හේතුව වී ඇත. සිද්දිය ඇසින් දුටු පාර්ලිමේන්තු සේවකයකු පැවසුවේ පාර්ලිමේන්තු සංකීර්ණයට ආසන්න" ටී" වංගුවේදී අනතුර සිදුවූ බවයි. පාර්ලිමේන්තු සංකීර්ණය තුල ජල තටාක ඇති අතර බස් රථය එය තුලට පෙරලියන අයුරු ඔහු දැක ඇත.  
 

More News..