brand logo

පාර්ලිමේන්තු අසුන ඉල්ලා බලපෑම් කළ පරාජිත කොළඹ ප්‍රබලයාට රනිල්ගෙන් කනේ පාරක්

07 August 2020

එක්සත් ජාතික පක්ෂයට ජාතික ලැයිස්තුවෙන් ලැබුණු එකම මන්ත්‍රීධුරය සඳහා මේ වන විටත් එක්සත් ජාතික පක්ෂයේ හිටපු ඇමැති දෙපලක් කුලල් කා ගැනීමට පටන් ගෙන ඇති බව එජාප ආරංචිමාර්ග කියයි. මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළ මෙම එජාප ප්‍රබලයින් දෙදෙනා තමන්ට අදාල මන්ත්‍රීධුරය ලබා දෙන ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කරමින් සිටින බවද වාර්තා වේ. පරාජිත අපේක්ෂකයින් කිසිවකුටත් පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තුව ලබා නොදෙන බව එජාප මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයේ ම සඳහාන්ව ඇති බැවින් කිසි සේත්ම පරාජිතයකුට පාර්ලිමේන්තුවට පිවිසීමට ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ලබා නොදෙන බව රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත. මෙය තමන්ටද එක සේ අදාල බව වික්‍රමසිංහ මහතා තමන්ගේ අතිශය සමීපතමයකු සමග පවසා ඇත. එහෙයින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවට පිවිසෙනවායැයි ඇතැම් වෙබ් අඩවි මගින් කර ඇති ප්‍රචාරයන් අසත්‍ය බව එකී කිට්ටුවන්තයා අරුණ වෙබ් අඩවියට පැවැසීය.
 

More News..