brand logo

පාර්ලිමේන්තුව දෙසැ. 18 වැනිදා දක්වා කල් තැබේ

12 December 2018

පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18 වැනි අගහරුවාදා පස්වරු 1.00 දක්වා කල්තබා තිබෙනවා. අද පස්වරු 1.00ට පමණ පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භවීමෙන් අනතුරුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා විසින් ඉදිරිපත් කළා. එය පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා විසින් සම්මත කරනු ලැබුවා. ඉන් අනතුරුව ඉලෙක්ට්‍රෝනික් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කෙරුණා. එහිදී රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මත වුණා. දෙමළ ජාතික සන්ධාන එම යෝජනාවට පක්ෂව ඡන්දය භාවිතා කළ අතර, ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ලබාදීමෙන් වැළකී සිටියා. ඒ අනුව මෙම යෝජනාව සම්මත වූ බව කථානායාවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
 

More News..