brand logo

පාර්ලිමේන්තුව සැසි වාරය අවසාන කිරීමට සූදානම්

28 November 2019

පාර්ලිමේන්තුව සැසි වාරය අවසාන කිරීමට සූදානම් බව රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරයි. නව සැසිවාරය දෙසැම්බර් මස 10-12 අතර දිනෙක දී ආරම්භ වනු ඇති බවද ඔහු ප්‍රකාශ කරයි. අගමැති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ නායකයන් අතර පැවැති සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය. එමෙන්ම පාර්ලිමේන්තුවේ මේ වන විට කතානායක දුරය ගැන ප්‍රශ්නයක් නොමැති බවත් තමන් එම අදහස අතහැර දැමු බවත් කරු ජයසූරිය මහතා ඉදිරි කාලයේ දී ද එම ධුරයේ සිටිනු ඇති බවත් ප්‍රකාශ කළේය.
 

More News..