brand logo

පාර්ලිමේන්තුව විසුරුවා හරින දවස මම දන්නවා

18 February 2020

වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබදව හෙළිදරව්වක් අද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා විසින් සිදුකළේය. ඒ අද (18) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි. එහිදී අමාත්‍යවරයා කියා සිටියේ මාර්තු මස 2 වනදා සිට 6 වනදා දක්වා කාලය තුළ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැකි බවයි. පාර්ලිමේන්තුව විසුරුවා හරින දිනය පිළිබදව තමන් දන්නා බවත්, එය මාධ්‍යයට ප්‍රකාශ කළ නොහැකි බව ද ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළේය. https://youtu.be/VWiKHk4oirk
 

More News..