brand logo

UPDATE : පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට කියයි

13 November 2018

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියි. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල හා නීත්‍යානුකූල බව නීතිපති ජයන්ත ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේය. දිගු වේලාවක් නීතිපතිවරයා විසින් සිය කරුණු දැක්වීම සිදු කර ඇත. ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව කල් දැමීමට විරුද්දව පාර්ශව 13ක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කර ඇති අතර අද දෙවන දිනටද එය විභාග කරයි.   පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහි පෙත්සම් සළකාබැලීම අදත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධි යැයි ප්‍රකාශයට පත් කරන්නැයි, ඉල්ලා ඉදිරිපත් වූ පෙත්සම් විභාගය අද දෙවන දිනටත් පැවැත්වෙනවා. මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ප්‍රගතිශීලී සන්ධානය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය මෙම පෙත්සම් ගොනු කර තිබුණා. ඒමෙන්ම මැතිවරණ කොමිසම් සභාවේ කොමසාරිස්වරයෙකු වන මහාචාර්ය රත්නජීවන් හූල් ද ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළා. ඊට අමතරව විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, නීතීඥ අනුර ලක්සිරි, නීතීඥ ලාල් විජේනායක සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් ගොනුකළා. ජනාධිපති ලේකම්වරයා, මැතිවරණ කොමිෂන් සභාව සහ නීතිපතිවරයා එහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබෙනවා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව පෙත්සම් 13 ක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ අතර හිටපු විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඉදිරිපත් කළ පෙත්සම පළමුව සලකා බැලුණා. ඊයේ (12) දිනයේදී පෙත්සම් විභාගය අද උදෑසන 10 දක්වා කල් තැබීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා.
 

More News..