brand logo

පාර්ලිමේන්තුව දූෂිතනම් විජයදාස තවත් එහි රැඳී නොසිටිය යුතුයි - කථානායක

09 August 2019

පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බව විජයදාස රාජපක්ෂ පවසනවානම් ඔහු තවදුරටත් එහි රැඳී නොසිටිය යුතු බව කථානායක කරු ජයසූරිය ඊයේ (08දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බවට විජයදාස රාජපක්ෂ විසින් කර ඇති ප්‍රකාශය පිළිබඳව තමන් කනගාටුවන බවද කථානායකවරයා කීවේය. විජයදාස රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුව දූෂිත ආයතනයක් බවට ප්‍රකාශ කර ඇතැයි ද මන්ත්‍රී මේස මත තබා ඇති ලැප්ටොප් පගාවක් ලෙස ලැබී ඇති බවටත් කර ඇති ප්‍රකාශය පිළිබඳ නිමල් ලන්සා මන්ත්‍රීවරයා කථානායකවරයාගේ මතය විමසා සිටියේය. ඒ අවස්ථාවේදී අදහස් දැක්වූ කථානායකවරයා මෙම ලැප්ටොප් චීන පාර්ලිමේන්තුවෙන් මෙරට පාර්ලිමේන්තුවට ලැබුණු තෑග්ගක් බව කීවේය. මීට පෙරද මෙවැනි තෑගි ලැබී ඇතැයි කී කථානායකවරයා ලැප්ටොප් යන්ත්‍රය අවශ්‍ය නැතිනම් එය ඉවත් කරන ලෙස නිමල් ලන්සා මන්ත්‍රීවරයාට ප්‍රකාශ කළේය. අජිත් අලහකෝන්
 

More News..