brand logo

පාර්ලිමේන්තුවේ 463ක් PCR පරීක්ෂණයට

13 January 2021

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15 දෙනෙකු සඳහා පී.සී.ආර්. පරීක්ෂණ අද (13)සිදුකළ බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. පාර්ලිමේන්තුවේ නිලධාරීන්, සේවකයින් සහ ආරක්ෂක අංශ සමාජිකයින් 448 දෙනෙකු සඳහා ද අද (13) පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ. පාර්ලිමේන්තු සංකීර්ණයේදී යළි පී.සී.ආර් පරීක්ෂණ ලබන සිකුරාදා (15) පෙරවරු 09 සිට 12 දක්වා සිදුකෙරෙන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් සඳහන් කරයි.
 

More News..