brand logo

අගමැතිකම ගැන හීන දකින්න එපා - දිනේෂ්

12 November 2019

පාර්ලිමේන්තුවේ විශේෂ රැස්වීමක් කැඳවූ අගමැති රනිල් වික්‍රමසිංහ සභාගැබෙහි නැත්තේ ගෙදර යන්න ලෑස්ති වෙන නිසා දැයි එජනිස මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ඊයේ (11 වැනිදා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. පනත් දෙකක් සම්මත කර ගැනීම සඳහා ඊයේ දිනයේ පාර්ලිමේන්තුව විශේෂයෙන් කැඳවූයේ අගමැතිවරයා විසිනි. එහෙත් අගමැතිවරයා සභාගැබෙහි නොසිටි නිසා දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා එසේ කීවේය. අගමැතිතුමා පාර්ලිමේන්තුව කැඳවූවාට එතුමාවත් සභාවට ඇවිත් නෑ. ගෙදර යන්න ලෑස්ති වෙනවා ඇති. ඒ වුණාට රැස්වීම කැඳවූයේ අගමැතිතුමා. සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල - අගමැතිතුමා නැතිවුණාට මම ඉන්නවනේ. දිනේෂ් ගුණවර්ධන - ඔබ අගමැති වෙන්නේ නෑ. නිකං හීන දකින්න එපා. ගෙදර යන්න ලෑස්ති වෙන්න. සභානායක - පාර්ලිමේන්තු සම්ප්‍රදාය දන්නේ නැද්ද? සභානායක තමයි අගමැති වෙනුවට උත්තර දෙන්නේ. දිනේෂ් ගුණවර්ධන - මේක පාර්ලිමේන්තුවේ සාමාන්‍ය රැස්වීමක් නොවේ. සභානායක - මමයි සභානායක. ඒක ඔබතුමා දැනගත යුතුයි. මේ පනත ජනාධිපතිට සමීප පනතක්. එතුමා තමයි කිව්වේ මේක දාලා සම්මත කරන්න කියලා. අනෙක් පනත ක්‍රීඩාවල දූෂණය වළක්වන පනතක්. රට ගැන හිතලා තීරණ ගන්න. පක්ෂ ගැන හිතන්න එපා. බන්දුල ගුණවර්ධන - අපි අහන්නේ අද මේ පනත් දෙක එකටද විවාද කරන්නේ කියලා. සභානායක - එකට විවාද කරලා වෙන වෙනම ඡන්දය ගන්නවා එච්චරයි. ගයන්ත කරුණාතිලක - ඇයි අප එකට ආණ්ඩු කරලා වෙන වෙනම ඡන්දයකට ගියේ. සභානායක - කලින් ගන්නේ ක්‍රීඩා පනත ගයන්ත කරුණාතිලක - ඉස්සෙල්ලා සෙල්ලං කරමු. අජිත් අලහකෝන්  
 

More News..