brand logo

පාර්ලිමේන්තුවේ පී.සී.ආර්. පරීක්ෂණ 1400ක්

25 January 2021

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු 1400කට අධික පිරිසක් පී.සී.ආර්. පරීක්ෂණ සදහා යොමු කර ඇති බව පාර්ලිමේන්තු වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සදහන් කළේ අද දිනයේදී පුද්ගලයින් 190දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වෙත යොමු කළ බවයි. එමෙන්ම පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ ස්ථාන කිහිපයක් විෂබීජානුහරණ කටයුතු අවසන් කර තිබේ. මේ අතර කොවිඩ් ආසාදිත සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව මේ වන විට 6ක් දක්වා ඉහළ ගොස් ඇත.  
 

More News..