brand logo

පාර්ලිමේන්තුවේ දේපළ වලට හානි කළ මන්ත්‍රීවරුන්ට නඩු පවරනවා

03 March 2019

පාර්ලිමේන්තුවේ දේපලවලට හානි කළ සියලූ මන්ත්‍රිවරුන්ට අධිකරණයේ නඩු පවරන බව පාර්ලිමේන්තු සභානායක , රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගලගෙදර මැතිවරණ කොට්ඨාශයේ පැවති උත්සවයක් සඳහා සහභාගි වෙමින්. මන්ත්‍රීවරුන්ට වෙනම නීතියක් නොමැති බැවින්, රට තුළ තිබෙන නීතියට අනුව කටයුතු කරන බවයි කිරිඇල්ල අමාත්‍යවරයා සදහන් කළේ. සමහරක් මන්ත්‍රීවරුන් මවාගත් මන්ත්‍රී වරප්‍රසාද හේතුවෙන් ඒ අයට කිසිදු දෙයක් කළ නොහැකි ලෙස ඔවුන් සිතාගෙන සිටින බව ද අමාත්‍යවරයා සදහන් කළා. කෙසේ වෙතත් රාජ්‍ය දේපළවලට හානි කළ සියලුම මන්ත්‍රීවරුන් පිළිබදව ජනතාව අවධානය යොමු ක යුතු බවයි පාර්ලිමේන්තු සභානායක , රාජ්‍ය ව්‍යවසාය කන්ද උඩරට උරුමය හා මහනුවර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසුවේ.
 

More News..