brand logo

පාර්ලිමේන්තුවේදී බයිබලයෙන් ගැසූ බවට චෝදනා කරන අයට ජොන්ස්ටන් උත්තර දෙයි

18 November 2018

පසුගියදා පාර්ලිමේන්තුව උණුසුම් වූ අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු බයිබලයෙන් දමා ගැසූ බවට සමාජ ජාලා ඔස්සේ කතාවක් පැතිරී ගියා. සමාජ ජාලා ඔස්සේ විපක්ෂයේ දේශපාලනඥයින් ගෙන යන මෙම ප්‍රචාරයන් සම්පුර්ණ සාවද්ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බව වෙළද, පාරිභෝගික, සමුපකාර සං වර්ධන හා ක්‍රිස්තියානි කටයුතු පිලිබඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත නිවෙදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. එම නිවේදනය පහතින්... 2018.11.16 දින පාර්ලිමේන්තුවේදී මා විසින් ශුද්ධ වූ බයිබලයකින් දමා ගැසූ බවට රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු විපක්ෂයේ දේශපාලනඥයින් විසින් සමාජ ජාල මාද්‍ය ඔස්සේ ගෙන යන ප්‍රචාරයන් සම්පුර්ණයෙන්ම සාවද්ය හා ද්වේශ සහගත ප්‍රචාරයන් බව අවධාරණය කරන අතරම එම චෝදනාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමි. ඒවගේම මා අදහන ආගමට මා කොතරම් ගරු කරනවාද යන්න ආගමික නායකයින් හොදාකාරවම දන්නා බවද විශේෂයෙන් කියනු කැමැත්තෙමි. ජනතාව තුල අප කෙරෙහි අප්‍රසාදයක් ඇතිකරවීමට මෙවැනි ආගම හා ශුද්ධ වූ බයිබලය යොදා ගනිමින් සිදු කරන මඩ ප්රචාර වලින් පෙනී යන්නේ රනිල් වික්රමසිංහ ප්‍රමු විපක්ෂයේ දේශපාලන බංකොලොත්බවයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී කථානායකවරයාගේ අත්තනෝමතික හැසිරීමට විරෝධය පලකරමින් අප විසින් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීම උදෙසා කල සටන හා උද්ඝෝෂණ නිසා ඔවුන්ගේ අරමුණු ඉටු කර ගැනීමට නොහැකි විය. එබැවින් විපක්ෂය විසින් ආගම ධර්මය හා ශුද්ධ වූ බයිබලයට පවා අපහාස කරමින් නිහීන දේශපාලනයක් කිරීමට තරම් පහත් මට්ටමකට ඇද වැටීම අතිශය ශෝකජනකය.තවද මෙවැනි ආගම් යොදාගෙන කරන මඩ ප්‍රචාර සදහා රනිල් වික්රමසිංහ හා කථානායක කරූ ජයසූරිය අනුබල දීම කණගාටුදායකය. විශේෂයෙන්ම විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් වන නිරෝෂන් පෙරේරා හරින් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක ආණ්ඩුවට මඩ ගැසීම සදහා තමුන් අදහන ආගම පවා පාවිච්චි කිරීම කණගාටුවට කරුණක් වන අතර කණගාටුවකටත් වඩා මා දකින්නේ එය පවුකාරකමක් ලෙසය. වරක් හිටපු මුදල් අමාත්යවරයාවූ මංගල සමරවීර දේශපාලනික කරුණු අරභයා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් නිර්දය ලෙස විවේචනය කරද්දි කට වහගෙන සිටි මේ විපක්ෂයේ කතෝලික මන්ත්‍රීවරුන් රාජ්‍ය ලාංජනය මුද්රණය කල පොතක්, ශුද්ධ වූ බයිබලයක් බවට පවසමින් කරන මඩ ගැසීම අතිශයින්ම අප්රසන්නය.එබැවින් කතෝලික ආගමවත් ශුද්ධ වූ බයිබලයවත් තමුන්ගේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් යොදා නොගන්නා ලෙස රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට දන්වා සිටිනු කැමැත්තෙමි.
 

More News..