brand logo

පාර්ලිමේන්තුවේදී කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ වාර්තාව සභාගත කිරීම අනිද්දා

20 February 2019

පාර්ලිමේන්තු සභාගර්භය තුළ කලහකාරී ලෙස හැසිරුණු මන්ත්‍රීවරුන් සම්බන්ධ වාර්තාව අනිද්දා (22)දා පාර්ලිමේන්තුවේදී සභාගතකිරීමට නියමිත බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි. පසුගිය නොවැම්බර් 15, 16, 17 යන දිනයන්හිදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සභාගර්භය තුළ කලහකාරී ආකාරයෙන් හැසිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කථානායක කරු ජයසූරිය මහතා තේරීම්කාරක සභාවක් පත් කළ අතර නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතාගේ සභාපතිත්වයෙන් යුතු මෙම කමිටුව සඳහා පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් නම්කර තිබූණා ඔවුන් සකස් කළ වාර්තාව මීට සති කිහිපයකට ඉහතදී කථානායක කරු ජයසූරිය මහතාට භාරදීමට කටයුතු කළේය. මෙම වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා යම් කාලයක් අවශ්‍ය බව කථානායකවරයා එහිදී ප්‍රකාශ කර තිබුණා.පසුව අනිද්දා(22දා) දිනයේදී එය සභාගත කිරීමට කථානායකවරයා තීරණය කර ඇත. මීට අමතරව පාර්ලිමේන්තුවේ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින්ද මේවනවිට පරීක්ෂණයක් පවත්වාගෙන යනු ලබයි.
 

More News..