brand logo

පාර්ලිමේන්තුවට හෙට පෙරවරු 10ට කැඳවයි

13 November 2018

පාර්ලිමේන්තුව හෙට (14) පෙරවරු 10.00ට කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා තීරණය කර තිබෙනවා. කථානායක කරු ජයසුරිය මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද 2018 නොවැම්බර් 4 වැනිදා අංක 2095/50 දරන ගැසට් නිවේදනය ප්‍රකාරව හෙට දින පෙරවරු 10 ට පාර්ලිමේන්තුව රැස්වන බවයි. ඒ සඳහා සහභාගී වන ලෙසට පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට කථානායකවරයා දැනුම් දෙන බව ද අදාළ නිවේදනය මගින් සඳහන් කර තිබෙනවා. මේ අතර කථානායක කරු ජයසූරිය මහතා හෙට (14) පෙරවරු 8.30 ට පක්ෂ නායක රැස්වීමක් කැඳවා තිබෙනවා. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නියෝජිතයින්ට දැනුවත් කර ඇති බවයි කථානායක කාර්යාලය පැවසුවේ. පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිතුමා නිකුත් කළ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම ලබන දෙසැම්බර් 07 වැනිදා දක්වා බලපැවැත්වෙන පරිදි වළක්වමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද පස්වරුවේ ලබා දුන් අතුරු තහනම් නියෝගයෙන් අනතුරුව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡා කර තීරණයට එළැඹෙනු ඇති.
 

More News..