brand logo

පාර්ලිමේන්තුව විසුරවීමේ බලය ජනපතිට

01 March 2020

අද මධ්‍යම රාත්‍රී 12 න් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ බලය ජනාධිපතිවරයාට හිමිවනු ඇති. ඒ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුවයි. පාර්ලිමේන්තුවේ වසර 5 ක කාල සීමාවෙන් වසර හතරහමාරක් ගතවීමෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවීමට ජනාධිපතිවරයා හැකියාව පවතී. 2015 වසරේ අගෝස්තු 17 වනදා පැවති මහ මැතිවරණයෙන් ජයගෙන පිහිටුවාගනු ලැබු යහපාලන ආණ්ඩුව යටතේ පාර්ලිමේන්තුව මුල්වරට රැස්වුණේ 2015 වසරේ සැප්තැම්බර් 01 වනදායි. පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ලැඛෙන පළමු අවස්ථාවේදීම පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කර තිබුණා. බොහෝ දුරට හෙට මධ්‍යම රාත්‍රියෙන් පසුව පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ. යම් හෙයකින් හෙට මධ්‍යම රාත්‍රීයෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමට ජනාධිපතිවරයා කටයුතු කළහොත් ලබන අප්‍රේල් 25 වනදා මහ මැතිවරණය පැවැත්වීමට හැකියාව ඇති බව ද මැතිවරණ කොමිසම ද ප්‍රකාශ කර තිබුණා.
 

More News..