brand logo

පාම් ඔයිල් ආනයනය තහනම් කරයි

05 April 2021

වහාම ක්‍රියාත්මක වන පරිදි “පාම් ඔයිල්“ ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දී ඇති උදෙස් පරිදි ඊට අදාළ ගැසට් නිවේදනය අද (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ. දැනට ආනයනය කර ඇති පාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි. මේ සමගම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කෙරේ. මේ අතර කටු පොල් වගාව සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට ජනාධිපතිවරයා දී ඇති උපදේශය බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇත. මෙරට කටු පොල් වගාව ක්‍රමයෙන් නතර කිරීමට ජනාධිපතිවරයා විසින් උපදෙස් දී තිබුනේ මීට මාස 6කට පමණ පෙරය. දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා ඉවත් කර ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමඟ නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී ඇත. මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණය.
 

More News..