brand logo

පාපන්දු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් 3දෙනකුට කොවිඩ්

18 November 2020

ශ්‍රී ලංකාවේ සිටින මුල් පෙළේ පාපන්දු දැල් රකින්නෙකුට සහ තවත් පාපන්දු ක්‍රීඩකයන් කිහිපදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව ‘අරුණ’ට වාර්තා වේ. ආරක්ෂක අංශ දෙකක් යටතේ තරග වදින සහ පාපන්දු ජාතික කණ්ඩායමේ නියෝජනය කරන ක්‍රීඩකයන් 3 දෙනකුට මෙලෙස කොරෝනා අසාදනය වී ඇති අතර ඉන් දෙදෙනකුම දැල් රකින්නන් බවට විශ්වාසවන්ත ආරංචිමාර්ග සඳහන් කරයි. අදාළ සියලුම ක්‍රීඩකයන් මේ වනවිට නිරෝධායනයට ලක් කර ඇති අතර සියලු දෙනාම හොඳ සෞඛ්‍ය තත්වයෙන් පසුවන බව සඳහන් වේ. මීට ඉහතදී ජාතික මට්ටමේ පැසිපන්දු ඇතුළු ක්‍රීඩකයන් දෙදෙනකුට, රග්බි ක්‍රීඩකයකුට සහ දැල්පන්දු ක්‍රීඩිකාවකට මෙලෙස කොරෝනා ආසාදනය වූ අතර ඒ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් මේ වනවිට සුව අතට පත්ව ඇති බවට වාර්තා වේ.
 

More News..