brand logo

පානීය ජලය නොමැතිව කළුතර ආපනශාලා වසයි

13 April 2019

කළුතර දිස්ත්‍රික්කයේ නාගරික ප්‍රදේශ බොහෝමයකටම මේ දිනවල පානීය ජලය සොයා ගැනීම බරපතළ ප්‍රශ්නයක්ව ඇති අතර, ඉකුත් බ්‍රහස්පතින්දා (11) වන විට ඇතැම් ස්ථානවල කුඩා ආපනශාලා වසා දමා තිබුණු බව වාර්තා විය. කළුතර දිස්ත්‍රික්කයේ බොහෝමයක් ප්‍රදේශවලට පානීය ජලය හිඟවී ඇත්තේ මේ දිනවල පවත්නා ඉඩෝර සහගත තත්ත්වය හමුවේ කළු ගඟට මුහුදු ජලය ගලා ඒමේ ගැටලුවක් මතුවීම හේතුවෙනි. ගඟට ඇදී එන මුහුදු ජලය කෙත්හේන් ජල පොම්පාගාරයෙන් ඔබ්බට පැතිර ඇති බැවින් ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් බෙදා හරින ජලයට සැර ලුණු, රසයක් එකතු වී බීමට නොහැකි තත්ත්වයක් හට ගෙන තිබේ. මෙම තත්ත්වය නිසා මහජනතාවට බවුසර් මගින් බෙදෙන ජලය පානය කිරීමට සිදුවී තිබේ. මෙම තත්ත්වය නිසා ආහාරපාන සකස් කිරීම අසීරු වී ඇති බැවින් කුඩා ආපනශාලා වසා දමා තිබේ. ක්‍රිෂ්ණා විජේබණ්ඩාර
 

More News..