brand logo

පානම මුහුදේ භූචලනයක්

19 February 2021

අම්පාර, පානම මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.0 ක අගයකින් යුත් භූමිකම්පාවක් සිදුව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පුර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය නිවේදනය කරයි. මෙම භූමිකම්පාව අද පෙරවරු 11 -11.30 ත් අතර කාලයේදී සිදුව ඇති බවට වාර්තා වේ. කුඹුක්කන් ඔය මෝය කට ආසන්නයේ සිට කිලෝමීටර් 15ක් පමණ නැගෙනහිර දෙසින් පිහිටි මුහුදේ මෙම භූමිකම්පාව සිදුව ඇත. පූර්ව සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය පවසන්නේ, මුහුදු පත්ලේ සිට කිලෝමීටර් 10ක් පමණ ගැඹුරින් මෙහි අපිකේන්ද්‍රය පිහිටා ඇති බවය.
 

More News..