brand logo

පානදුර දකුණ පොලීසියේ නිලධාරීන්ට පී.සී.ආර්. පරීක්ෂණ

03 December 2020

පානදුර දකුණ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු සියලුම නිලධාරීන් පී.සී.අර් පරීක්ෂණයට යොමු කර ඇත. පානදුර නගර සභාවේ ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක සම්පත් මුරමුදලි මහතා පැවසුවේ ඊයේ එම පොලිස් ස්ථානයේ නිලධාරීන් නිලධාරිනියන් ඇතුලු 146දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කළ බවයි. පසුගිය දින කිහිපය තුළ පානදුර පොලිස් අධිකාරි කාර්යාලයට අනුයුක්ත පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීමෙන් පසු එම නිලධාරීන් වැඩි වශයෙන් පැමිණි බව කියන පානදුර දකුණ පොලීසියේ සේවය කරන සියලුම නිලධාරීන් මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ බව ඒ මහතා පැවසීය. එම පරීක්ෂණයෙන් අනතුරු සියලුම නිලධාරීන් නිවෙස්වලම නිරෝධායනය සදහා යොමු කර තිබේ.
 

More News..