brand logo

පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලයේ 140 ක් නිරෝධායනයට

30 November 2020

පානදුරේ පොලිස් අධිකාරී කාර්යාලයේ ස්ථාපිත කර තිබූ කොට්ඨාස බුද්ධි අංශ ස්ථානාධිපතිවරයා ඇතුළු කොස්තාපල් වරුන් 4දෙනෙකු කොවිඩ් ආසාදිත බැවින් පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් 140 ට PCR පරීක්ෂණ සිදුකර තිබේ. එසේම මේ වන විට ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා ඇතුළුව නිලධාරීන් සියලු දෙනා දින 14ක කාලයක් නිවෙස් වලම නිරෝධායනය සඳහා යොමුකර ඇති බව පානදුර සෞඛ්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරනවා. ජේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලයෙන් කරන ලද සියලු රාජකාරි සඳහා වෙනත් පොලිසිවල නිලධාරීන් අනුයුක්ත කර සිදුකර ගෙන යන බවද පැවසේ.
 

More News..