brand logo

පාදුක්කෙන් කොවිඩ් ආසාදිතයින් 114ක්

02 June 2021

පාදුක්ක ප්‍රදේශයෙන් කොවිඩ්-19 ආසාදිතයින් 114දෙනෙකු හදුනාගෙන තිබේ. එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සදහන් කළේ පසුගිය 31 වැනිදා සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ වලින් එම ආසාදිතයින් පිරිස හදුනාගත් බවයි. එදින පී.සී.ආර්. පරීක්ෂණ 170ක් සිදුකළ බව පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි දුමිත්‍රී කහංගම මහතා පැවසීය. ඒ මහතා සදහන් කළේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක් සහ කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළ පිරිසක් මෙලෙස පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කළ බවයි. එම ආසාදිතයින් අතර පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද වේ.
 

More News..