brand logo

පාතාල නායක කලු සාගරගේ ගෝලයෙකු ලක්ෂ 60ක් වටිනා කුඩු සමග එස්.ටී.එෆ් අත්අඩංගුවට

06 December 2019

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත ඩුබායි සිටින පාතාල නායක කලු සාගරගේ කඩුවෙල ප්‍රදේශයට හෙරොයින් බෙදාහැරී දිනූ නමැති පාතාලයා ලක්ෂ 60 කුඩු සමග අද දහවල් අත්අඩංගුවට ගෙන ඇත. කඩුවෙල ප්‍රදේශයේදි මොහුගේ නිවසේ මත්ස්‍යයින් ඇති කරන මාළු ටැංකියක් පිටුපස ඉතාමත් සූක්ෂමව මෙම මත්ද්‍රව්‍ය තොගය සගවා තිබියදී විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සොයාගත්තේය. හෙරොයින් සමග අත්අඩංගුවට ගත් සැකකරු දෙඩාවත්ත ගමරාළගේ ලහිරු විරාජ් නොහොත් දිනූ සංවිධානාත්මක අපරාධ රැසකට සමබන්ධව අවශ්‍යව සිටින සැකකරුවකු වන චමින්ද රෝහන මංජු නොහොත් කලු සාගර ලෙස හදුන්වන පුද්ගලයාගේ ගෝලයකි. චමින්ද රෝහන මංජු නොහොත් කලු සාගර මේ වන විට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි සිටින බවට තොරතුරු වාර්තා වේ. මෙම වැටලීම සිදුකරනු ලැබුවේ විශේෂ කාර්ය බලකාය බුද්ධි අංශයේ ස්ථානාධිපති බුද්ධි ප්‍රධාන පොලිස් පරීක්ෂක නදීක සිල්වා ඇතුළු කණ්ඩායම විසින් මේ දිනවල අරඹා ඇති කඩුවෙල හංවැල්ල ප්‍රදේශයේ පාතාල සහ කප්පම්කරුවන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුමේදීය.
 

More News..